''තවකෙක්ව සුවඳවත් කරන්න ගඳගහන ජීවිත''





                              ජාතියක් ජන්මයක් නෑ ඉතින් උප්පැන්නයක් නෑ .... අම්මෙක් අප්පෙක් නෑ ඉතින් නෑයෙක් නෑ .... නමක් ගමක් නෑ කොටින්ම මට මොකුත් නෑ .... එහෙමයි කියලා මේ තනි ජීවිතේ බරක් නෑ .... එකෙක්ටවත් බයත් නෑ .....
      
     
                           මේ 'කඳුරු වත්තෙ' උන් මට දීපු නම ''රූ සිරා'' .. ඒකටත් පොඩි කතාවක් තියෙනවා. බට්ටා කාලේ ඉදලා අතට අහු වෙන්නෙ අඟුරු කෑල්ලක් ද, ගඩොල් කැට කෑල්ලක් ද, තැනක් නොතැනක් නෑ ඔහේ ඇන්දා.... ගොඩක් ම ඇන්දෙ මට මහ අරුමයක් උනු වාහන. ඒ දිලිහි දිලිහි එහාට මෙහාට ඉගිලෙන නිසා ම විතරක් නෙවෙයි ආසවට පොඩ්ඩක් අතගාලා බැලුවත් කනපැළෙන්න ගුටි කන්න වෙන නිසා..
                  කොහොමහරි මට අදින්න පුලුවන් නිසා.... වත්තෙ උන් කියනවා වගේ.... 'අප්පා සිත්තරෙක් ද දන්නෙත් නෑ.....'

                     
                          මාව පොඩි කාලෙ ඉදලා හදාගෙන තියෙන්නෙ 'කෝමලී'. ඒ ගෑනිට තමයි 'අම්මා' කියන අකුරු 3 කියලා තියෙන්නෙ.කවදා කොහොමින් පටන් ගත්තද දන්නෙ නෑ, අතින් අතට පාස් උණත් ඒ ගෑනි තමයි මිනිස්සු කතවෙන දෙවියන්ගෙයි, ගෙදර බුදුන් අම්මගෙයි, දරු දුක පෙන්නන්නෙ නැති  තාත්තාගෙයි කියන හැම එකාගෙම උණුසුම දුන්නෙ. මොකා මොනව කිවුවත් මං මගෙ පන තියෙනකම් ඒ ගෑනිට සළකනවා. ඒ  ලොකු උන් අර නිවාස ඇතුලට දාලා සලකන සැලකිල්ල නම් නෙවේ... ලැට් හේදුවට ගඳ නැති මේ අත් දෙකෙන්.


                            වෙන උන්ට මෙතන ගඳ ගහන නරකාදියක් උණාට මං මෙතන රජ ගෙදර පරවියා වගේ තමයි. ඔය මූණට එම්බාම් පාරක් දාගෙන පිච්චමල්සුවද ගහගෙන අඟල් හත අටක් උස අශ්ව ලාඩම් දාගෙන සද්දෙට එන නෝනලා, මේක දැකලා දුර තියලා එන්නෙනම් කෙළ ගහගෙන .. මූණ ඇඹුල් කරගෙන .. නහය තද කරගෙන  .., ඒත් ඒ පොෂ් පිට ඇවිත්  වතුර බාල්දියක්වත් නොගහා යන එයාලගෙම පුස් ගඳ තමයි.

                                  
                           හොඳම වැඩේ කියන්නෙ හරි ආදර්ශමත්, රටට වැඩදායි, ගුණගරුක නෝනලා මහත්වරු මඟදි හම්බෙන එකෙක් එකියක් එක්ක ප්‍රේම ජවනිකා රඟපාන්නයි, සික් එක ගහලා ඔසුව ගන්නයි රු;10 ක් දීලා මෙතනට රිංගන වෙලාවලුත් තියෙනවා. අනේ ඉතින් අපිව දැක්කාම බලු බෙට්ටක් දැකලා වගේ කටට උණන කෙළ ටිකත් අපේ මූණ බලාගෙන ම බිමට ගහල යන්නෙත් ඒ ඈයොම තමා.


                               බීඩියක් උරලා, කොටට කොටේ ඇදගෙන යන උන්ට විසිල් පාරක් ගැහුවට..... උදේ පාන්දර නැගිටලා බත් එක උයලා බැදලා දෙන නෝනට අම්මට බලුකම් කරන උන්ට වඩා මගෙ පපුව හොදයි.සුවඳ ගගහා ඉන්න නෝනලට වඩා එක එක  නරියන්ට කේජු කෑල්ලක් උණු මගෙ කෝමලී අම්මා දාහෙන් සම්පතයි.

               
                  ආදර වදන් තෙපලන්නට
                                වචන ගලපන්න බෑ මට
                අහස් මාළිගා තනන්ට
                               නිල් මොණරු නෑ මට
                ඒත් ලද දෙයින් හිනහෙන්ට
                              උඹට වැඩිය පුලුවන් මට


                                                                                                                         
                                                                                                                         (නෙත්මිණි විජේසූරිය.)

Comments

  1. ඒ අවලංගු කාසියටත් අපූරු හඬක් දීලා තියෙන හැඩයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගෙ මිතුරිය ....

      Delete
  2. සුපිරියි නෙතූ.. කියන්න වචන නෑ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ... ඒ වචන ලොකු ශක්තියක්

      Delete
  3. Replies
    1. ගොඩක් ස්තුතියි ...

      Delete
  4. නියමයි නෙතූ...ඒ ශෛලියයි, කලාත්මක අදහසුයි මාර විදියට හිතට දැනෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔයාලාගෙ අදහස් තමයි මගෙ පෑනට ජීවය... ඉතින් ගොඩක් ස්තූතියි

      Delete
  5. Replies
    1. ස්තූතියි මගෙ මිතුරිය

      Delete
  6. හරිම ලස්සනයි නෙතූ .. සමාජයේ අපි නොහිතන පැත්තක් හොදින් විවරණය කරලා තියෙනවා ... සුබපැතුම් ඔබට .....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට... අඩුපාඩුත් කියන්න මට..

      Delete
  7. Replies
    1. බොහොම ස්තූතියි ඔබට

      Delete
  8. ලස්සනට අකුරු කරල නෙතූ

    ReplyDelete
  9. ලස්සනට අකුරු කරල නෙතූ

    ReplyDelete
  10. ස්තූතියි ඔබට

    ReplyDelete
  11. Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට

      Delete
  12. හරිම ලස්සනයි නෙතූ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට

      Delete
    2. ගොඩක් ස්තූතියි ඔයාට .....

      Delete

Post a Comment

Popular posts from this blog