Posts

Image
                    ''ඔහුත් සිත්තරෙකි මළකඳන් පාට කරනා...'' නිර්ව්‍යාජ සිනහවක් තියෙන්නෙ පුංචි මල් වගේ දරුවන්ට විතරමයි. මොකද එයාලගෙ හිත් පිරුවටයක් වගේ.,කිසි කුණක් ලියවිලා නෑ. ඒත් බොහොම කළාතුරකින් වැඩුණු මිනිසෙකුගෙනුත් ඒ නිර්ව්‍යාජත්වය, සෙනෙහෙවන්ත ආදරණීය බව දකින්න පුලුවන්.          ''කොහෙද චූටි මැණිකෙ යන්නෙ ......?? ඔය කෝච්චිවල බස්වල එහෙම යනකොට යන්නෙ බලාගෙන....''             පාරෙදි, කොහෙහරි වත්තක නැත්නම් ගහක් උඩ තැනක් නොතැනක් නෑ මගෙ අංශු මාත්‍රයක් දැක්කොත් ඔය ප්‍රශ්නෙත් අහලා මං උත්තර දෙන්න කලින් උත්තරේකුත් දෙන්නෙ 'ඉන්දරේ මාමා....' මට ගෙදරට කියන නම මුළු ගමටම ඇහෙන්න කියන්න එපා කියලා එයාට කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්න එක.             ඉන්දරේ මාමගෙ පරම්පරාවක් , නෑදෑ සංහුරයක් , ජන්මයක් ගැනනම් මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනෙත් නෑ. දන්න කාලේ ඉදලා අපේ ගෙට ගෙවල් තුන හතරක් එහායින් තියෙන මල්ශාලාවෙ එම්බාම් කරනවා. හැමදාම උදේට හවසට හන්දියෙ කඩෙන් පාන් ගෙඩි දෙක  තුනක් අරන්  කඩ කඩ එයාව අපේක්ෂාවෙන් ඉන්න බලු රැලට මල්ශාලාවට යනකම් දදා එනවා. ඕන කෙනෙක් කිව
Image
 පස්මහ බැලුම් බලන්න තිබුණ නම්, තෝරගන්නවා මාත් ''හාන්දුරු කුලේ ....''           ''අනිත් ළමයින්ගෙ දෙමව්පියො කැමති වෙන එකක් නෑ කොහොමටවත් ම,             ඒ නිසා මේ ළමයව අපිට ඉස්කෝලෙට ඇතුලත් කරගන්න බෑ.''           ''අනේ ලොකු සර්.. ළමයා පිටිපස්සට වෙලා ඉඳගෙන ඉගෙන ගනී. මට ඕන      කොහොමහරි කෙල්ලගේ ඇස් පාදන්ට'           ''මට තේරෙනවා අම්මගෙ හිතේ තියෙන දේ.., හිතට එකඟව මාත් මේ දේවල්වලට විරුද්ධ‍යි. ඒත් දරුපවුල් වෙච්ච අපිට මේ දේවල්වලට එරෙහිවෙලා වැඩ කරන්න අමාරුයි.''           ..............     ඒ.. මාව ඉස්කෝලෙ 1 පන්තියට ඇතුලත් කරගන්න ගිහින් අම්මගෙයි ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙයි කතාව,   මං ගොඩක් පුංචියි තමයි. වචන 2ක් 3ක් එහෙ මෙහෙ උණොත් මිසක් අවුරුදු 24ක් තිස්සෙ කන් අඩි දෙක තාම දෝංකාර  දෙනවා ඒ දෙබස්වලින්.  පුංචි කාලේ... අපේ පවුල වෙනස්, අමුතුයි, ලොකු ලොකු අඩු තියෙන රාස්සයො ටිකක් මැද්දට කොටුවෙලා කියන ගුප්ත බවකින් මගෙ ගොළු හිත ප්‍රෙහෙළිකාවක් වෙලා තිබුණා.ඒත් ඒ දේවල් ඇයි එහෙම වෙන්නෙ කියලා අම්මගෙන් අහපු එක තැනක්වත් මතක නෑ. බොහොම උපේක්ෂ
Image
                                  කාටත් දරු සෙනෙහස එක වාගෙයි                                 සර්වබලධාරී දෙවියන් වගේ අදහගෙන මේ සක්වල  ඉන්න අන්තිම පිරිමි පුළුට ඌ කියලා හිතාගෙන... උඹවත් රන් කරඬුව වගේ වඩම්මගෙන... කොනක තියෙන පඳුරක් ගහක් පල්ලෙ වාඩිවෙලා උත්තරීතර ප්‍රේමයේ සුවය විඳිනකොට මුළු සර්වාංගෙම හිරිවැටිලා ගිහිල්ලත් විසිල් එක ගහන උඹලගෙ වචනවලින් නම් ''වල් බල්ලා'' නේද මම.....???                                  මගෙ පැංචි, පුංචි කාලේ මේ සුලඟිල්ලෙ එල්ලිලා  උඩ පැන පැන දැගලුවෙ. 'එයාගෙ ලෝකෙ රජ්ජුරුවෝ' උණේ මම.. උඹලා ඔහොම දකිනකොට මාව ඒ සිංහාසනයෙන් නෙරපළා දොරටුපාලයෙක් රජ කරවලා වගේ පේන්නෙ..                            රජෙක්ට හිරකාරයෙක් වෙලා ඉන්න බෑ පුතේ,                            මරපන්.................                       මේ සිකුරිටිකාරයා උඹලා තරම් උගත් නෑ. ඒ හින්ද ද  මන්දා මගෙ පැංචිගෙ වයස පෙනුම පේන එකියක් දැක්කොත් මගෙ දෙයියො, මට මැවිලා පේන්නෙ කෙල්ලව.                              මං ළඟින් යනකොට මට විහිළු කළාට කමක් නෑ... මගෙ ෂර්ට් එකෙන් ඇදලා  ''
Image
               ''තවකෙක්ව සුවඳවත් කරන්න ගඳගහන ජීවිත''                               ජාතියක් ජන්මයක් නෑ ඉතින් උප්පැන්නයක් නෑ .... අම්මෙක් අප්පෙක් නෑ ඉතින් නෑයෙක් නෑ .... නමක් ගමක් නෑ කොටින්ම මට මොකුත් නෑ .... එහෙමයි කියලා මේ තනි ජීවිතේ බරක් නෑ .... එකෙක්ටවත් බයත් නෑ .....                                         මේ 'කඳුරු වත්තෙ' උන් මට දීපු නම ''රූ සිරා'' .. ඒකටත් පොඩි කතාවක් තියෙනවා. බට්ටා කාලේ ඉදලා අතට අහු වෙන්නෙ අඟුරු කෑල්ලක් ද, ගඩොල් කැට කෑල්ලක් ද, තැනක් නොතැනක් නෑ ඔහේ ඇන්දා.... ගොඩක් ම ඇන්දෙ මට මහ අරුමයක් උනු වාහන. ඒ දිලිහි දිලිහි එහාට මෙහාට ඉගිලෙන නිසා ම විතරක් නෙවෙයි ආසවට පොඩ්ඩක් අතගාලා බැලුවත් කනපැළෙන්න ගුටි කන්න වෙන නිසා..                   කොහොමහරි මට අදින්න පුලුවන් නිසා.... වත්තෙ උන් කියනවා වගේ.... 'අප්පා සිත්තරෙක් ද දන්නෙත් නෑ.....'                                                 මාව පොඩි කාලෙ ඉදලා හදාගෙන තියෙන්නෙ 'කෝමලී'. ඒ ගෑනිට තමයි 'අම්මා' කියන අකුරු 3 කියලා තියෙන්නෙ.කවදා කොහොමින් පටන් ගත්තද ද
Image
                     'කතා කළා මං අන්තඃපුර බිසවකගේ                                                                                                                    හෘදසාක්ෂියට'                                       ඇළේ දොළේ,ගහේ වැලේ බඩ ගගා හිටපු මම යෝධ ලියවැල් කුළුණු, මුතු මැණික් ඔබ්බපු රතු පලස්,සේද ඇතිරිලි මතට කඩා පාත්වුණා. මොකුත් හිතන්නේවත් නැති තැනක මගේ හිත මංමුළාවක, මං මැරෙන්ට ළංවෙලාවත් ද,    ඇත්තටම මම එදා සතුටු උනාද,දුක් උනාද..         හිච්චි කාළේ ඉදලා මයෙ අම්මා මාව රජවාසලින් වහුං කළේ ඇයි කියලා තේරුණේ උන්වහන්සෙ කොපුවෙන් ඇදලා ගත්ත කඩුව මගෙ බෙල්ලට තියාපු වෙලාවෙ.දත්මිටි කකා බලන් උන්නු ඒ බැල්ම,වියරු හිනාව උන්වහන්සෙ සිහිවෙන හැම වෙලාවකම කොහෙන්දො ඇවිත් රාක්සයෙක් වගේ මාව වෙලාගන්නවා. මුල් කාලේ රෑට රෑට හීනෙනුත් හොදටෝම බය උණා.          අනේ ඇත්තට මාත් රාජෝත්තමයන් වහන්ස කියලා මවාන උන්නෙ අපේ ගමේ නාහෙට නාහන්නෙ නැති 'පුල්ලි' ව ආම්බාන් කරන කාලප්පුවා අයියණ්ඩි වගේ කියලා . 'පොල් ගහක් වගේ උස, ඇතෙක් වගේ හයිය, වළහෙක් වගේ මයිල් තියෙන හෙන කදයා අන්න හොරෙන් බලනවා අක්කණ්ඩි' ක
Image
                ' වලංගු කාසිවලට පන දුන්නේ අවලංගු කාසි'         අපි හැමොම අහලා තියෙන නවකතා, කෙටිකතා, වීර කතා, රසකතා... ඒ විතරක් ද ඥානකතා...... මේ කොයි කොයි කතා අතරත් කිය නොවුන කතාවක් තියෙනවා. සමහරවිට ඒ අතරේ ඔයාලගෙ කතාත් ඇති.. හැමදාම වලංගු දේවල් විතරක් කතා කරන අය අතරේ අපි අවලංගු අයගේ අවලංගු කතා ගැන කතා කරමු