පස්මහ බැලුම් බලන්න තිබුණ නම්, තෝරගන්නවා මාත් ''හාන්දුරු කුලේ....''
''අනිත් ළමයින්ගෙ දෙමව්පියො කැමති වෙන එකක් නෑ කොහොමටවත් ම,
ඒ නිසා මේ ළමයව අපිට ඉස්කෝලෙට ඇතුලත් කරගන්න බෑ.''
''අනේ ලොකු සර්.. ළමයා පිටිපස්සට වෙලා ඉඳගෙන ඉගෙන ගනී. මට ඕන කොහොමහරි කෙල්ලගේ ඇස් පාදන්ට'
''මට තේරෙනවා අම්මගෙ හිතේ තියෙන දේ.., හිතට එකඟව මාත් මේ දේවල්වලට විරුද්ධයි. ඒත් දරුපවුල් වෙච්ච අපිට මේ දේවල්වලට එරෙහිවෙලා වැඩ කරන්න අමාරුයි.''
..............
ඒ.. මාව ඉස්කෝලෙ 1 පන්තියට ඇතුලත් කරගන්න ගිහින් අම්මගෙයි ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙයි කතාව,
මං ගොඩක් පුංචියි තමයි. වචන 2ක් 3ක් එහෙ මෙහෙ උණොත් මිසක් අවුරුදු 24ක් තිස්සෙ කන් අඩි දෙක තාම දෝංකාර දෙනවා ඒ දෙබස්වලින්.
පුංචි කාලේ... අපේ පවුල වෙනස්, අමුතුයි, ලොකු ලොකු අඩු තියෙන රාස්සයො ටිකක් මැද්දට කොටුවෙලා කියන ගුප්ත බවකින් මගෙ ගොළු හිත ප්‍රෙහෙළිකාවක් වෙලා තිබුණා.ඒත් ඒ දේවල් ඇයි එහෙම වෙන්නෙ කියලා අම්මගෙන් අහපු එක තැනක්වත් මතක නෑ. බොහොම උපේක්ෂාවෙන් ඒ වෙන හැමදෙයක් ගැන ම බලාගෙන හිටපු මං ගැන අද ඇත්තට ම හරිම ආඩම්බරයි.
සිංහල අවුරුද්දට කෑම පිඟන් ගෙයින් ගෙට මාරු වෙනකොට අපේ ගෙදර දිහාවත් බලන් නැතුව ඒවා උඩින් ඉඟිලුණා. ඒත්... පන්සලේ හාමුදුරුවන්ගෙන් නම් මට රසම රස ආස්මී එකකුයි, පොතකුයි, පැන්සලකුයි නොවරදවාම ලැබුණට මොකෝ අපි පන්සල් යන්නෙ වැඩිය සෙනඟ ගැවසෙන්නෙ නැති වෙලාවක. ගමේ දානෙ ගෙදරකට, කොටහළු ගෙදරකට ගියොත් හැමෝම ඉස්සරහ දොරෙන් යද්දි අපි ගියෙ පිළිකන්න පැත්තෙන්.
මගෙ වයසෙ අංජුලා, චම්පලා, අජිත්ලා, මයන්තලා එක්ක හරිහරියට ගඟේ පැනලා පීනන්ට, හවසට බට්ටො පනින්න, සෙල්ලම් ගෙදර අම්මා වෙන්න තිබුණ ආසාව කොච්චරක්ද කියාගන්න බෑ. හැබැයි මං ඒ හැමදේම කළා. හැම චරිතෙකම රඟපෑවා. ඔව් මට ඕන විදියට.
මං ශිෂ්‍යත්වෙ පාස් උණාම,
''ඕකිනම් කොපි කරන්න ඇති ආයෙ කතා දෙකක් නෑ..''
''ප්‍රින්සිපල්කාරයත් ඉන්නවනෙ සපෝර්ට් එකට''
ඕලෙවල් විභාගෙ පාස්වෙලා නගරෙ ඉස්කොලෙකට යන ගමනට පන්සලේ හාමුදුරුවොත් වැඩියා.හාමුදුරුවන්ට තියෙන ගරුසරුව නිසා එදානම් උප්පැන්නෙ බැලුවවත් ද මන්දා. නැත්නම් ආපහු අප්පච්චිගෙ වාසගම ''.......XX.. ගේ ප්‍රශ්නය''
කෘමි, පණු , ගොඩේ, මඩේ, දියේ, අපා, දෙපා, සිවුපා, බහුපා සත්තුන්ට ලිංග, ජාති භේද තිබුණට මිනිස්සුන්ට අංගයක, ජාතියක භේදයක් නෑ කියලා අපේ ලොකු හාමුදුරුවො මජ්ඣිම නිකායේ වාසෙට්ඨ සූත්‍රය අළලා බණ දේශනා කළාට අශෝකමාලා වගේ ගිය ආත්මභාවයක අම්මට 'චණ්ඩාලි' කියල බැන්න පව ගෙවන්න එපැයි.
ප්‍රියමනාප ශරීරයකින් යුක්ත, උස අඩි 5' අඟල් 4කින් යුතු, වෘත්තියෙන් වෙෙද්‍ය, පවුලේ එකම දියණිය කියලා .... අම්මා කේන්දරෙත් අතට දුන්නට එයාලට තවත් මදි.
මොකක්ද වාසගම කිවුවෙ......???
කියන්න සතුටුයි.... 'පසුව දැනුම් දෙන්නම් කියලා ගියපු අටවෙනි මනමාලයා මේ...'
''මී මැස්සනි, එපා එන්න
එකමුතුකමෙ කතා කියන්න
රන් සමනලයිනි,එපා එන්න
පුංචි ලෝකෙ පාට කරන්න
සුදු හංසයිනි, ඇවිත් යන්න
කිරියි පැණියි වෙන් කරන්න''

හඳුන්පත- නෙත්මිණි විජේසූරිය.
ලස්සනයි
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteවිමසා බැලිය යුතු මානයක් නෙතූ..අගෙයි..
ReplyDeleteස්තූතියි ඔබට
Deleteලස්සනයි නෙතූ ......තාමත් සමාජයේ තියෙන අපි හෙලා දකින්න ඕන යථාර්ථයක් ..
ReplyDeleteස්තූතියි සුජී ....
DeleteSuper nethu....
ReplyDeleteස්තූතියි ඔයාට
Deletegodak hodai
ReplyDeleteස්තූතියි ඔබට
Deleteකොහෙන්ද කොහොමද නෙතූ මෙච්චර සංවේදී අදහස්.. මේක අසයිමන්ට් එකක් තමයි..ඒත් මේක මෙතනින් එහාට අනිවාර්යයෙන් ම අරන් යන්න ඕනි. අවලංගු කාසි 50ක් ඔයා එකතුකරගත්ත දවසට අපි වලංගු කාසි වලට හඩගාලා කියමු මේ කතන්දරේ.. මහ සද්දෙට නෙවෙයි.. ඒත් දැනෙන්න.. නිර්මාණ සංග්‍රහයක් විදිහට.. සුදු කඩදාසි වල කලු අකුරින්..
ReplyDeleteඔයාගෙ දිරිගැන්වීම මට ලොකු බලයක් ලබා දෙනවා.. ඒකට දහස්වාරයක් පින් ඔබට...
Delete