'කතා කළා මං අන්තඃපුර බිසවකගේ හෘදසාක්ෂියට'
ඇළේ දොළේ,ගහේ වැලේ බඩ ගගා හිටපු මම යෝධ ලියවැල් කුළුණු, මුතු මැණික් ඔබ්බපු රතු පලස්,සේද ඇතිරිලි මතට කඩා පාත්වුණා. මොකුත් හිතන්නේවත් නැති තැනක මගේ හිත මංමුළාවක, මං මැරෙන්ට ළංවෙලාවත් ද, ඇත්තටම මම එදා සතුටු උනාද,දුක් උනාද.. හිච්චි කාළේ ඉදලා මයෙ අම්මා මාව රජවාසලින් වහුං කළේ ඇයි කියලා තේරුණේ උන්වහන්සෙ කොපුවෙන් ඇදලා ගත්ත කඩුව මගෙ බෙල්ලට තියාපු වෙලාවෙ.දත්මිටි කකා බලන් උන්නු ඒ බැල්ම,වියරු හිනාව උන්වහන්සෙ සිහිවෙන හැම වෙලාවකම කොහෙන්දො ඇවිත් රාක්සයෙක් වගේ මාව වෙලාගන්නවා. මුල් කාලේ රෑට රෑට හීනෙනුත් හොදටෝම බය උණා.
අනේ ඇත්තට මාත් රාජෝත්තමයන් වහන්ස කියලා මවාන උන්නෙ අපේ ගමේ නාහෙට නාහන්නෙ නැති 'පුල්ලි' ව ආම්බාන් කරන කාලප්පුවා අයියණ්ඩි වගේ කියලා. 'පොල් ගහක් වගේ උස, ඇතෙක් වගේ හයිය, වළහෙක් වගේ මයිල් තියෙන හෙන කදයා අන්න හොරෙන් බලනවා අක්කණ්ඩි' කියලා ඔලොක්කුවට මලයා කියනකොට මගෙ ඇගම මොකක්දො සීතලකින් කීරිගැහිලා යනවා. අයියණ්ඩිගෙයි රජතුමාගෙයි කැපෙන මොකක් හරි දෙයක් හොයාගන්න මගෙ හිත කොයිතරම් දැඟලුවද,
කන්දෙ දෙවියනේ ඒ වගේ මූසල දවසක් මගෙ ජීවිතේට උදා නොවුණනම්, මයෙ අම්මා මාව බදාගෙන වැළපි වැළපි ඉද්දි ම අපේ අත් ගලෝලා මාව දෝලාවට නැග්ගෙවුවා. පොළවෙ පස් කකා හිටපු අම්මාට සිහිසුන් උණා ද මන්දා ඡායාවට වගේ මට පෙනුනෙ ඒ වගේ..
'දේවයන්වහන්සේට මාව දැකලා ආස හිතිලලු...'
'මාව ගෙනියන්නෙ බිසො මාළිගයටලු....'
'අද ඉදලා මං අන්තපුර බිසවක්ලු...'
හැමතැන ම කඩු කිණිසි තියාගත්ත මිනිස්සු..ලස්සන පාට පාට සමනල්ලු වගේ ඇදගත්ත බිසොවරු.. ඒ විතරක් ද සුවද ඔසුපැන් මාව නාවන්ට .ඇලේ ගල් පොත්තකින් ඇතිල්ලුව මගෙ පිට කොන්ද එයාලා සිනිදු අත්වලින් අත ගාද්දි නින්ද යන්න වගේ... ඒ රසමසවුලුවල නම් මං දන්නෙත් නෑ.. වතුරේ ඇදිලා තිබුණ් රූපෙ බලපු මං පළවෙනි වතාවට එදා කැඩපතකින් බැලුවා.
'අනේ මේ මං ද ?'
දේවයන්වහන්සෙට වදින්ට ඔනෙ විදිහ කියලා දුන්නට කොහෙද මේ වෙව්ලිල්ලට මට කෙලින් හිටගෙන ඉන්ටවත් බෑ.
' උඹ හරීම ලස්සනයි නොවැ '
බුදු අම්මේ.., ඒ කටහඩ කාගෙද.. මේ දේවයන්වහන්සේ ම ද, අපෙ අප්පොච්චගෙ හඩටත් වඩා ගොරහැඩියි....ගින්දර වගේ අතකින් මූණ අල්ල ගත්ත ම ඇරුණ ඇස් ආපහු පියවුණේ මැණික් ඔබ්බපු ඇදුම්වල පහන් එළිය වැදිලා.
අලුත කඩාගත්ත නෙලුමක උනත් මලේ අවසරයකින් තොරව පිප්පුවට සමහර පෙති ආපහු තිබුණා වගේ ම ඇකිලෙන්න බලනවා..
එදා මද කිපුණ ඇතෙක් වගේ වියරුවෙන් කුටියෙන් ගියපු රජු හරියට ම දෑ අවුරුද්දයි තුන් මාසයයි දවස් එකොළහකින් තමයි මාව බැහැදකින්න එනවැයි කියලා පණිවිඩයක් එවලා තිබුණෙ. ආපහු කොහේදො ඉදලා ආපු මොකක්ද එකකින් මාව වෙලා ගත්තා වගේ.. 'මගෙ කකුල්.. මට උණ ගැනෙන්න වගේ ද.. 'දේවයන්වහන්ස මං ළගට එනකොට වෙනින් බිසොවරුන්ටත් මෙහෙමද ,ඒ ඉරිසියාව, අපුල.... මට විතරක් අයිති නෑ කියන වේදනාව ....
මයෙ අම්මාව.. අප්පොච්චව.. අක්කණ්ඩිලව.. මලයව... එහෙමත් නැත්නම් කාලප්පුවා අයියණ්ඩිව මතක් කරගන්න ද,,
' ඔබ යුධ නැව් නගිනකොට
වෙන වෙන මල් සොයනකොට
ගිලන් වූ පුවතක් ඇහෙනකොට
එක වාගෙම හැම මොහොතක
තැවුණා මං හිමියනි.................... '
(නෙත්මිණි විජේසූරිය.)

Lassanai nethu....
ReplyDeleteThank u
Deleteඅන්තඃපුරය ම හොයාගෙන වගේ..
ReplyDeleteහී.....
DeleteNice
ReplyDeleteThank u malliyoo
DeleteSuper....
ReplyDeleteThank u sudoo....
DeletePatta
ReplyDeleteThank u aiye
DeleteHarima lassanai nethu .. Keep it up ..
ReplyDeleteඔයාලගෙ comments මට ආශිර්වාදයක් ...
Deleteihalama lakunu labewa!!!
ReplyDeleteThis comment has been removed by the author.
Deletethankz
Deleteහරිම ලස්සනයි...දිගටම ලියන්න නෙත්මිණී ඔයාට පුළුවන් 💜
ReplyDeleteස්තූතියි ඔයාට,, ඒ වගේ ම ඔයාගෙ තද වචනත් මගෙ හිත ගත්තා හිතුවක්කාරියේ...
DeleteSuperb nethu.. keep it up
ReplyDeleteගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් මහමෙරක් මට.. අඩුපාඩුත් පෙන්නලා දෙන්න.
Deleteදිගටම ලියන්න නෙතූ ලස්සනට ලියනවා
ReplyDeleteදිගටම ලියන්න නෙතූ ලස්සනට ලියනවා
ReplyDeleteඔබ ලබා දෙන ශක්තිය මට මහමෙරක්
DeleteWoooow lssnai nethu
Deleteගොඩක් ස්තූතියි ඔබට
Deleteගොඩක් ස්තූතියි ඔබට
Delete