කාටත් දරු සෙනෙහස එක වාගෙයි





                                සර්වබලධාරී දෙවියන් වගේ අදහගෙන මේ සක්වල  ඉන්න අන්තිම පිරිමි පුළුට ඌ කියලා හිතාගෙන... උඹවත් රන් කරඬුව වගේ වඩම්මගෙන... කොනක තියෙන පඳුරක් ගහක් පල්ලෙ වාඩිවෙලා උත්තරීතර ප්‍රේමයේ සුවය විඳිනකොට මුළු සර්වාංගෙම හිරිවැටිලා ගිහිල්ලත් විසිල් එක ගහන උඹලගෙ වචනවලින් නම් ''වල් බල්ලා'' නේද මම.....???


                                 මගෙ පැංචි, පුංචි කාලේ මේ සුලඟිල්ලෙ එල්ලිලා  උඩ පැන පැන දැගලුවෙ. 'එයාගෙ ලෝකෙ රජ්ජුරුවෝ' උණේ මම.. උඹලා ඔහොම දකිනකොට මාව ඒ සිංහාසනයෙන් නෙරපළා දොරටුපාලයෙක් රජ කරවලා වගේ පේන්නෙ..

                           රජෙක්ට හිරකාරයෙක් වෙලා ඉන්න බෑ පුතේ,
                           මරපන්.................



                      මේ සිකුරිටිකාරයා උඹලා තරම් උගත් නෑ. ඒ හින්ද ද  මන්දා මගෙ පැංචිගෙ වයස පෙනුම පේන එකියක් දැක්කොත් මගෙ දෙයියො, මට මැවිලා පේන්නෙ කෙල්ලව.


                             මං ළඟින් යනකොට මට විහිළු කළාට කමක් නෑ... මගෙ ෂර්ට් එකෙන් ඇදලා  '' අපි ආවේ සල්ලි දීලා යකෝ.. '' කිව්වට එක අංශු මාත්‍රයක තරහක් නෑ දරුවනේ...... හැබැයි උඹලට වඩා  කාලයක් මේ මහපොළවේ අඩිය ගහගෙන හිටපු නිසා මං දන්නවා අශ්වයා පිටින් උඹලව අරන් යන්න එන කුමාරවරු නෑ කියලා..
          අපේ පැංචි  පොඩිකාලේ බයට මගෙ තුරුලට ඇවිත් කියවන පොතේ ඉන්න ''ලේ බොන ඩ්‍රැකියුලා - අද ඉන්නෙ උන්.


        මාත් දිවිහිමියෙන් ඒ කාලෙ ඉදලා රැකගත්ත ආදරේ තමයි අද පැංචිගෙ අම්මා වෙලා ඉන්නෙ. ඉතින් මට පුළුවන් ද උඹලගෙ පාට පාට සමනල් ආදරේ තටු කඩලා ඉහිරවන්න.......?????


      
        අපි නම් පුළුවන් තරම් හොදට අකුරු රවුම් කරලා ලියන 'කවි ලියුමට' හොරෙන් අක්කගෙ පවුඩර් එකෙන් ටිකකුත් දාලා ගානට අංශක 90 ට මැනලා නමලා තමයි දෙන්නෙ. ඒ ආදරෙන් අපිට ලැබුණෙ කවිකම, ඉවසීම, ආදරය මිසක් දැන් උඹලගෙ ඇස්වලින් දකින ඒ ගින්දර නෙවෙයි..


         මට මතකයි පැංචි බඩට ආපු බව දැනගත්ත ඉදලා එයා උණු පරිස්සම.. මාත් එක්ක උජාරුවට පොළට ගිහින් ජීවිතේට කටේ තියන්නෙ නැති එළවළු, පළතුරු ගන්නකොට මට හිනත් ගියා... ඒත් ඒවා රස කර කර කනකොට මට කිවුවෙ '' නර්ස් නෝනා කන්න කිව්වා'' කියලා.
                   අප්පච්චිලා ඉවසගෙන තද කරගෙන හිටියත් එහෙව් කරපු අම්මලගෙනම් පපුව පැළිලා මැරෙයි.. මට වෙෙර කළාට කමක් නෑ ඒත් උඹලා දැනගන්න ඕනෙ එක එකා අතින් කිළිටි වෙන්න කවුරුත් දරුවො හදලා නැති විත්තිය.  

                                 

                                    මල්වල රොන් ගන්න
                                          විස බඹරුන් හැමතැනම
                                   ඒ මල් රැක ගන්න
                                         විස හට ගයි නටුවෙම




                                                                                                                                                                                  (නෙත්මිණි විජේසූරිය)
  
              

Comments

  1. අද කාලේ වැදගත් ලිපියක්.. ඇස් වලින් නැතුව හදවතින් කියවන්න.. දිගටම ලියමු නෙතූ

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔයාට...

      Delete
  2. කාටවත් නොපෙනෙන ඉසව්වක් ... සුපිරි පණිවිඩයක් 💓

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රිද්මි

      Delete
  3. අවලංගු කාසිවලටත් ඉඩක් හදන එක ගොඩක් හොඳයි නෙතූ..ජය!!

    ReplyDelete
  4. නෙතූ..මුලින් වදයක් කියලා දැනුනත් මංගල සර් මේ දුන්න assignment එක ගැන මං අද ගොඩක් සතුටු වෙනවා.. ඔයාගෙ මේ සැගවුණු දක්ශකම් අපි දකින්නෙ ඒකයි.

    ReplyDelete
    Replies
    1. හැමදාම හිත හිත කල් දදා හිටපු දෙයක් මෙහෙම එළියට ඓන්නෙ නෑ ඒ assignment එක නැත්නම්,,, හැමදාම කියවලා comment එකක් දාන්න අමතක නොකරන ඔයාට ගොඩක් ස්තූතියි

      Delete
  5. lassana adahasak nethu :) kauruth nodakina paththak meka

    ReplyDelete
    Replies
    1. ඔයා තමයි මට ඒ අවලංගු කාසිය හොයලා දුන්නේ... ගොඩක් ස්තූතියි ඔබට

      Delete
  6. Ane godak Honda kathaawak...
    Mama kamathiy godak me article walata...

    ReplyDelete
    Replies
    1. අනේ ඒක මට කොච්චර සතුටක් ද,, මට ලියන්න දිරිය දෙන්නෙ ඔයාලා...

      Delete
  7. හරිම ලස්සනයි නෙතූ , මෙතනින් නොනැවතී ලංකාවේ නමගිය ගත්කතුවරියක් වෙන්න ඔයාට පුළුවන් වෙන්න කියල එකහිතින්ම ප්‍රාර්ථනා කරනවා........

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩක් ස්තූතියි සුජී.... පස්සෙ බලමු... හී......

      Delete
    2. අනේ ගොඩක් ස්තූතියි සුජී.... පස්සෙ බලමු... හී........

      Delete

Post a Comment

Popular posts from this blog